to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 32 of 854
621. අඩි පත්ත
කෙටූ බුලත් විට වංගෙඩියෙන් උඩට ගන්නා උපකරණය
622. අඩි පල්ල
පයේ යටි පැත්ත
623. අඩි පළ
රා අරක්කු විකුණන තැන
624. අඩි පාර
මිනිසුන්ගේ අඩි පහර වැදීමෙන් සෑදුණු ඉතා පටු, පයින් ම යා යුතු පාර; පිය මඟ
625. අඩි පොළ
රා අරක්කු විකුණන තැන
626. අඩි මාත්‍රය
නැටුමට පෙර තාලය අනුව කියන කවි පදය
627. අඩි වට්ටම
නැටුමක් ආරම්භ කරමින් පළමු රවුමේ යන ගමන
628. අඩිතාලම
පදනම; අත්තිවාරම
629. අඩිපට්ටලය
ලෝහ තහඩු ආදිය තළන කඳ
630. අඩිය
පතුල; පතුල් සටහන; පය; අඟල් දොළහේ මිම්ම; වරකට බොන මත් පැන් ප්‍රමාණය
631. අඩී
නිගරු ලෙස ස්ත්‍රීන් ඇමතීමට ගන්නා පදයක්
632. අඩු තුන්
භාගයකින් අඩු තුන; දෙක හමාර
633. අඩු බඩු
උවමනා බඩු; අඩුවැඩිය
634. අඩු වැඩිය
ආම්පන්න; උපකරණ; ඌනාධිකතාවය
635. අඩුක්කු පණ්ණම
පෙම් පඬුර; හිත ගන්නා තෑග්ග
636. අඩුක්කු මඩුව
දෙවියන්ට මුළු තැන් පිළිගන්වන මඩුව
637. අඩුක්කු සප්පායම
ප්‍රභූවරයකු ආහාර අනුභව කිරීම
638. අඩුක්කුව
දෙවියන්ට/ යකුන්ට/ ප්‍රභූවරුන්ට පිළියෙල කළ ආහාරය; භාණ්ඩ රැසක් එක පිට එක තැන්පත් කිරීම
639. අඩුම කුඩුම
අවශ්‍ය බඩු මුට්ටු
640. අඩුමාව
අඩු කොටස
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11