to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 3 of 854
41. අංග පාලයා
පෞද්ගලික ආරක්ෂක භටයා
42. අංග පුලාව
අංග සම්පූර්ණ බව; පිළිවෙළක් ඇති බව; ගැළපිල්ලෙන් යුතු බව
43. අංග මංග
අඟ පසඟ
44. අංග මර්දනය
සිරුර මිරිකීම; සම්භාහනය; ඇඟ මැඬීම
45. අංග මවිත
ශරීරයේ වැහැරී ගිය; රූපය විපර්යාස වූ
46. අංග රාගය
සිරුර පැහැපත් කිරීමට ගල්වන සුවඳ විලවුන්
47. අංග රුජාව
ඇඟ රිදීම
48. අංග රූපණය
අවයව මඟින් රූපණය කොට දැක්වීම; ප්‍රභේද විස්තර කිරීම
49. අංග ලක්ෂණය
ශරීරාවයන්හි යහපත් අයහපත් ලක්ෂණ
50. අංග විකල
ශරීර අවයව අනිසි ලෙස පිහිටීම
51. අංග විකලයා
ශරීර අවයව විකෘති ලෙස පිහිටි තැනැත්තා
52. අංග විකාරය
අත් පා ආදිය අස්වාභාවික ලෙස හැසිරවීම
53. අංග විද්‍යාව
ශරීර ලක්ෂණ බලා හොඳ නරක පවසන සාමුද්‍රිකා ශාස්ත්‍රය
54. අංග වෛකල්‍යය
ශරීර අවයවයන්හි විකෘති බව
55. අංග ශූලය
බඩේ හට ගන්නා වාත රෝගයක්
56. අංග සංගය
ශරීරයන් එකට ගැටීම; කාය සංසර්ගය වීම
57. අංග සංසර්ගය
මෛථුනය; කාය ස්පර්ශය
58. අංග සම
සුදුසු; හැම අතින්ම සමාන අංග ඇති; අනුරූප
59. අංග සම්පදාව
ශරීරාංග සම්පූර්ණ බව නමැති සම්පත
60. අංග සම්බාහනය
සිරුර මිරිකීම; පිරිමැදීම; හැඹීම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org