to main page
Sinhala Explanatory Dictionary
selected terms: 79 page 1 of 4
1. අංග
වෙල් යායකින් ගොඩේ බෑවුම් දෙසට නෙරා ගිය කොටස; උතුරු ඉන්දියාවේ අංග දේශය, අඟු රට
2. අංග කූටය
හොරට බඩු කිරීම
3. අංග චලනය
අවයව සෙලවීම
4. අංග ජාතය
රහසඟ; පුරුෂ හෝ ස්ත්‍රී ලිංගාවයවය
5. අංග තිලක
ආභරණයක්; සිවුසැට ආභරණවලින් එකක්
6. අංග දාහය
ඇඟ දැවිල්ල
7. අංග පරිත්‍යාගය
ශරීරයේ අංග පරිත්‍යාග කිරීම; ඇස් ඉස් මස් ලේ ආදී කොටස් දන් දීම
8. අංග ප්‍රත්‍යංග
ලොකු කුඩා අවයව; ශරීරයේ අඟ පසඟ
9. අංග ප්‍රසාධනය
ආභරණය, පැළඳුම
10. අංග පාලයා
පෞද්ගලික ආරක්ෂක භටයා
11. අංග පුලාව
අංග සම්පූර්ණ බව; පිළිවෙළක් ඇති බව; ගැළපිල්ලෙන් යුතු බව
12. අංග මංග
අඟ පසඟ
13. අංග මර්දනය
සිරුර මිරිකීම; සම්භාහනය; ඇඟ මැඬීම
14. අංග මවිත
ශරීරයේ වැහැරී ගිය; රූපය විපර්යාස වූ
15. අංග රාගය
සිරුර පැහැපත් කිරීමට ගල්වන සුවඳ විලවුන්
16. අංග රුජාව
ඇඟ රිදීම
17. අංග රූපණය
අවයව මඟින් රූපණය කොට දැක්වීම; ප්‍රභේද විස්තර කිරීම
18. අංග ලක්ෂණය
ශරීරාවයන්හි යහපත් අයහපත් ලක්ෂණ
19. අංග විකල
ශරීර අවයව අනිසි ලෙස පිහිටීම
20. අංග විකලයා
ශරීර අවයව විකෘති ලෙස පිහිටි තැනැත්තා