to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. අං අදිනවා
අං කෙළිය නමැති පැරණි දේව පූජාමය ක්‍රීඩාව පවත්වනවා
2. අං කුට්ටම
අං දෙක
3. අං කූඩුව
ගෝන මුව ආදින්ගේ අං තට්ටුව
4. අං කෙළිය
අං ඇදීමේ ක්‍රීඩාව
5. අං කොං
වෙනස් කම් කිරීම; අනාදරය
6. අං තැං මූද
මසුන් මරන්නන්ගේ මූදු සීමාවක්
7. අං දලුව
අඟෙහි රිකිල්ල බඳු කොටස; නො මේරූ අඟ
8. අං පිටිය
අං කෙළිය සඳහා සකස් කළ බිම
9. අං බරුවා
මී හරකා
10. අං බළය
අඟ බෙදුණු තැන; අං කරුව
11. අං මදිනවා
ගවාදී සතුන් ගස් ආදියෙහි අං අතුල්ලනවා
12. අං මිටි තලනවා
අම්මිටි තළනවා
13. අං රැන්ද
අඟෙහි රන්ධ්‍රය හෙවත් සිදුර ඇති කොටස; අං කුහරය
14. අං හැදය
වක් වූ ලොකු අං ජෝඩුව
15. අං හැදයා
වක් වූ ලොකු අං ඇති හරකා