to main page
Sinhala Explanatory Dictionary
selected terms: 63 page 1 of 4
1. අක්
අග; කෙළවර; අවසානය
2. අක් තොල
තොල අග; තොල් කෙළවර
3. අක් දහර
අශ්‍රැධාරාව; කඳුළු ධාරාව
4. අක් දිවියා
සූදු කාරයා; සූදුවෙන් ජීවත් වන්නා
5. අක් දෙරිය
ගේ ඉදිරිපස කොටස
6. අක් පද
ඍෂිවරයෙකුගේ නමක්; අක්‍ෂපාද
7. අක් පිටුව
පොතක අග පිටුව
8. අක් පොකුර
අලි ඇතුන්ගේ සොඬෙහි අග කොටස
9. අක් බඹරය
බිම ගසා කරකවන බඹරයක්
10. අක් බඹරු
බොකුටු; අගින් කරකැවුණු
11. අක් බරුව
බරවන සේ අගට එල්වන දෙය
12. අක් මුල්
අග හා මුල
13. අක් වරුව
සුළං කිරීමේ දී හොඳ වීයෙහි අගට වැටෙන අඩක් බොල් වී; ඇගිටි
14. අක් වැස්ස
අලුත් වැස්ස; නියඟය අග වහින වැස්ස
15. අක් සන
පිටු අංකය
16. අක් සොඬ
සොඬ වැළේ අග
17. අක් හඬ
ගැඹුරු හඬ
18. අක්කන්න
කන්නයේ අග
19. අක්කර පට්ටා
බෙහෙත් පැළෑටියක්
20. අක්කරම්
කුඩා ළදරුවන්ගේ දිවෙහි බැඳෙන මැලියම්