to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අක අක අකට අකඩ අකණ අකන අකම අකර අකල අකව අක් අකා අකි අකී අකු අකෘ අකො
selected terms: 120 page 1 of 6
1. අක
දාදු කැටය; ඉතා සුළු ප්‍රමාණය; ඇස; කහවණුවෙන් 1/8
2. අක මල
අක්ෂමාලාව; ජප වැල
3. අක වැළ
අක්ෂ මාලාව; ජප වැල; නවගුණ වැල
4. අකට විකට
විහිළු; විගඩම්
5. අකටයුත්ත
නොකළ යුතු දෙය
6. අකටයුතු
සාවද්‍ය; නො කළයුතු
7. අකඩ
නොකැඩුණු
8. අකණ
හෙණය; විදුලිය
9. අකණලුව
විදුලියේ එළිය
10. අකන්ත
ලස්සන නැති; සිත්කලු නො වූ
11. අකනිටාව
ඉහළ ම පිහිටි රූපී බඹ ලොව
12. අකම්පස්
පුරුදු නො වූ; පුහුණු නො වූ; හැඩ නොගැසුණු
13. අකම්පාල
කැළඹී ගිය
14. අකම්සේ
නොකමසේ; වැඩක් නැතිව
15. අකර
අකුරු; ආකාරය; ආකරය
16. අකරතැබ්බය
නො සිතූ විපත්තිය
17. අකරහණ්
නිෂ්කාරණයේ; නිකරුණේ
18. අකර්මක
කර්මයක් නැති; ක්‍රියාත්මක නොවන
19. අකර්මණ්‍ය
ක්‍රියා විරහිත; වැඩ නොකෙරෙන
20. අකරාණේ
නිෂ්කාරණයේ; නිකරුණේ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword