to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. අඟ
ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල්ව වැඩෙන අවයවය; අංගය; අවයවය; ශරීරය
2. අඟ දඟ
පෙරළිකාරකම්
3. අඟ රෑන
ගවාදි සතුන් හැසිරවීමට අඟෙහි දමන ලනුව
4. අඟණ
මළුව; මිදුල; තැන්න; එළිමහන; සමතලා බිම
5. අඟන
ස්ත්‍රී; ලිය
6. අඟර
ඇඟේ ගාන සුවඳ කල්කය
7. අඟර දඟර
ස්ත්‍රී මායම්; ඔමරි
8. අඟල
අඩියෙන් දොළොසින් කොටස
9. අඟවනවා
අනුමාන කරගන්ට සලස්වනවා
10. අඟිරිගානවා
තදබල ලෙස හඬනවා
11. අඟු
භාරතයේ ජනපදයක්; වර්තමාන ඉන්දියාවේ නැඟෙනහිර බිහාරයට අයත් ප්‍රදේශය
12. අඟුට්ට
වකුටු වූ දෙය
13. අඟුටුමිට්ටා
මිටි මිනිහා
14. අඟුපත
කුඹුරකින් පිටට නෙරා ගිය කොටස
15. අඟුපළඳනාව
ඉහළ බාහුවේ පළදින වළල්ල; අංගදාභරණය
16. අඟුරු කණුව
දාගිය ගසක ඉතිරි වී ඇති කඳ
17. අඟුරු කොක්ක
ගවයන් හංවඩු ගැසීම සඳහා යකඩින් තනා ගත් උපකරණය
18. අඟුරු මඩුව
අඟුරු ගබඩා කර තිබෙන තැන
19. අඟුරු මාළුව
අක්මාව; කැවුත්ත; පීකුදුව; හෘදය මාංසය; අඟුරෙහි පිළිස්සූ මාළුව
20. අඟුරු වෙනවා
දා පිළිස්සී යනවා