to main page
Sinhala Explanatory Dictionary
selected terms: 40 page 1 of 2
1. අජ
එළුවා
2. අජ පථය
එළුවන් යන පාර; ගිරි දුර්ග මැදින් යන දුෂ්කර මාර්ගය
3. අජ පල්
එළුවන් බලන්නා; බුදුන් වහන්සේ දවස තිබුණු නුග ගහක්
4. අජ ව්‍රතය
එළුවෙකු මෙන් හැසිරීමෙන් ලබන තපස
5. අජ ශෘඬ්ගී
ඖෂධ ශාකයක්; මස් බැද්ද; මැඩහඟු
6. අජගර
පිඹුරා
7. අජගර ගහණ
පිඹුරාගේ ග්‍රහණය හෙවත් වෙළා ගැනීම
8. අජට
ගැට නැති; බාධා නැති නිරවුල්
9. අජටාකාශය
පොළොවේ ආකර්ෂණ ශක්තියෙන් එපිට වූ අහස; ඉතා ඉහළ පිහිටි පැහැදිලි අහස
10. අජන්මවත්
උසස් ජන්මයක් නැති
11. අජපදය
එළුවාගේ කුරය; එළු අඩිය
12. අජපාල
එළු එඬේරා
13. අජම්ම
තම දැයට අයත් නො වූ
14. අජමෝදක
අසමෝදගම්
15. අජර
නොදිරන; මහලු නොවන
16. අජරාමර
ජරාවක්, මරණයක් නැති; ලෝකෝත්තර
17. අජල
අලස; කෑදර
18. අජල් වෙනවා
අධෛර්යවත් වෙනවා
19. අජ්ජල් ගහනවා
(කථා) අතින් ගල් කැටය ගෙන ඈත වැටෙන්ට ගසනවා; විසි කරනවා; අත් ගල් ගහනවා
20. අජ්ජල් බූස්ස
අතින් වේගයෙන් දමා විසි කරනු ලැබ උඩින් ම එන පන්දූව