to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අඤ්
selected terms: 19 page 1 of 1
1. අඤ්චි ආරුව
ඇති සැටිය; මූලික දැනුම
2. අඤ්චිත
සලකුණු කරන ලද; පුදන ලද; බඳින ලද
3. අඤ්චිය
උපාය; ප්‍රයෝගය; උගුල; විපත; පරාජය
4. අඤ්චිලාවා
කරදිය මාලුවකුගේ නම
5. අඤ්ජන
අඳුන්; සිරුරෙහි ඇසෙහි ගල්වන කලු පාට ඖෂධීය ආලේපය ◊ අංජන බ
6. අඤ්ජන කූටය
අඳුන් ගිරි පර්වතය
7. අඤ්ජන දේවි
හනුමාගේ මව
8. අඤ්ජන ප්‍රවාහය
කළු පැහැති දිය දහර
9. අඤ්ජනම
අංජනම බ
10. අඤ්ජනම් එළිය
අඤ්ජනමෙහි ආලෝකය; පේන කීම පිණිස, ජීවම් කොට සාදා ගන්නා ලද අඳුන මත ඉදිරිපස පහතින් වැටෙන එළිය
11. අඤ්ජනම් කාරයා
පේන කාරයා; අඤ්ජනම් එළිය තුළින් බලා ශාස්ත්‍ර කියන්නා
12. අඤ්ජනම් දේවි
අඤ්ජනම් එළියෙන් පේන කීමට උපකාර කරතැයි කියන දේවතාවී
13. අඤ්ජනම් බලනවා
පේන කියන්නා අඳුන දෙස බලාගෙන පේන අසන්නාට වුණු දේ හා වන දේ ලෙස යම් යම් දේ කියනවා
14. අඤ්ජනාවතී
ඊසාන දිගට අධිපති ඇතාගේ බිරිය සේ සැලකෙන ඇතින්න
15. අඤ්ජලිය
වඳින්නට එසවූ දෑත; බොකු ගසා එක් කළ දෑත හෙවත් දෝත
16. අඤ්ජලීකරණය
දෑත් එක් කොට නමස්කාර කිරීම
17. අඤ්ජිත
ආලේප කරන ලද
18. අඤ්ඤමඤ්ඤ
අන්‍යොන්‍ය, ඔවුනොවුන් පිළිබඳ
19. අඤ්ඤවාද
ඇසූ කරුණු තිබිය දී වෙනත් දෙයක් කථා කීරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword