to main page
Sinhala Explanatory Dictionary
selected terms: 54 page 1 of 3
1. අට අරි පුඟුලෝ
සතර මඟ සතර ඵලයට පැමිණි අෂ්ඨ ආර්ය පුද්ගලයෝ
2. අට කොන
අට දිශාව
3. අට ගන්නවා
ඇති වෙනවා; හට ගන්නවා
4. අට ගුණ
ගුණ අටක් ඇති ඖෂධය; අමු ඉඟුරු
5. අට දිග
නැඟෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ, උතුර, ඊශාන යන අට දිශාව
6. අට පට්ටම
පැති අටක් ඇති දෙය; විශ්වාස නොකළ හැකි කියමන
7. අට පදය
අටසිල් සමාදන් වීමේ දී කියන ශික්ෂා පද අට
8. අට පවුන් කාරයා
අටක් ණයට දී දහයක් ගන්නා; ගිනි පොලීකාරයා
9. අට පහ
අට පහ යන සංබ්‍යාවන්ගේ එකතුව; අටසිල් හා පන්සිල්; හොඳ නරක
10. අට පිරිකර
භික්ෂු නමක් විසින් පරිභෝජනය කළ හැකි පිරිකර අට; අඳනය, තනිපට සිවුර, දෙපට සිවුර, පාත්‍රය, පටිය, දැළි පිහිය, ඉඳි කටුව, පෙරහන් කඩය යනු ඒ අටයි
11. අට වෙනවා
ආටෝප වෙනවා; උකු වෙනවා
12. අටං පහුර
සවි නැති ලී මැස්ස
13. අටඟ සිල්
අෂ්ටාංගික ශීලය
14. අටඟමග
සම්මා දිට්ඨි ආදි වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය
15. අටතුරා
අටකින් වැඩි
16. අටදහස් රට
රුහුණේ ජනපදයක්; උදූන් දොර අගනුවර වූ මොණරාගල ප්‍රදේශ රජය
17. අටදාව
අට ජාතකය; (විශාල) ජාතක කථා අට
18. අටනය
අට දිශාව; රට රටවල සංචාරය කිරීම
19. අටනිය
ඇඳ වියල
20. අටල්ල
උසට තැනූ මුර ගෙය; අට්ටාලය