to main page
Sinhala Explanatory Dictionary
selected terms: 40 page 1 of 2
1. අණ
ආඥාව; නියෝගය; මුහුද
2. අණ ගුණ
නීතිය හා ධර්මය
3. අණ තහනම
තහනමක් කොට කෙරෙන නියෝග
4. අණ පනත්
ආඥා හා ප්‍රඥප්ති
5. අණ පාමොක්
ආඥා ප්‍රාතිමෝක්ෂය; සංඝයා විෂයෙහි පැන වූ ශික්ෂා පද සමූහය
6. අණ පොල්ල
සෙංකෝලය
7. අණ බණ
ආඥාව හා අනුශාසනය
8. අණ බෙරය
රජ අණක් පහළ කිරීමට ගසන බෙරය; ආඥාවක් දන්වන බෙර හඩ
9. අණ මුගුර
මුලාදෑනීන්ගේ අතේ ඇති සෝළු ලීය
10. අණ සක
නීතිය සතු බල පරාක්‍රමය; ආඥා චක්‍රය
11. අණ සක්විති
මුළු පොළවටම අණසක පතුරුවන රජතුමා
12. අණඟිල්ල
දබරැඟිල්ල
13. අණත
ආඥාව; නියෝගය
14. අණව
මුහුද
15. අණවනවා
අණ කරනවා; නියෝග කරනවා
16. අණ්ඩ
බිත්තරය, බීජ කෝෂය; රෙද්දක ඉරුණු තැනක් වසා මැසූ රෙදි කැබැල්ල
17. අණ්ඩ කෝෂය
පුරුෂ අවයවයට අයත් අණ්ඩ යුවළ සහිත කෝෂය
18. අණ්ඩ පාලයා
අනුන් රවටන්නා; ප්‍රයෝගකාරයා
19. අණ්ඩ පීතය
බිත්තරයේ කහ මදය
20. අණ්ඩ පෝෂණය
බිජු රැකීම