to main page
Sinhala Explanatory Dictionary
selected terms: 22 page 1 of 2
1. අඬ ඉර
බෙර සෑදීමේ දී බෙරයේ දකුණු කට වටේ හාරන ඉර
2. අඬ කොස්සන්
ගෝසා සහිත කෑ ගැසීම
3. අඬ තත
උඩැක්කියේ වම් පැත්තේ ඇස හරහා බඳින තත
4. අඬ බෑය
තම්මැට්ටමේ දකුණු පළුව
5. අඬ මුරේ
වන සතුන් එක්ව කෑගසන අවස්ථාව
6. අඬ සුන්
අණ්ඩ ඉවත් කළ
7. අඬ හැරය
හීයේ දී හා කොළ පෑගීමේ දී හරකුන් උනන්දු කිරීම සඳහා නඟන තාලයකින් යුත් නාදය; අඬ හැර දීම
8. අඬන බමරය
ශබ්දයක් නඟමින් කරකැවෙන බඹරය
9. අඬන හිරියා
වියලි කරල් සෙලවෙන විට හඬ නැඟෙන ඖෂධ පැළෑටියක්
10. අඬාර
හඬ නහමින් ගලා බසින දිය පාර
11. අඬු කෝප්පය
අඬුවක් ඇති කෝප්පය
12. අඬු තලය
අඬුවක තලය; විදින කටු විශේෂයක්
13. අඬු තැටිය
පහන් වැටියේ දැවී ගිය තුඩ කපා දමන කතුරක් වැනි උපකරණය
14. අඬු පඬු
කෘමි සතුන්ගේ අත් පා
15. අඬු පියෙස
පුරුෂ ලිඟු පෙදෙස
16. අඬු බරි
අඬු රැසක් ඇති සතා
17. අඬු බහුරා
පත්තෑයා
18. අඬු මස්ස
පැරණි කාසි වර්ගයක්
19. අඬු මැස්සා
ගොයමට හානි කරන මැස්සෙක්
20. අඬු මිටිය
ඇණ ගැසීමට ගැලවීමට යොදා ගත හැකි මිටියක්