to main page
Sinhala Explanatory Dictionary
selected terms: 170 page 1 of 9
1. අත
බාහුවේ අග කොටස
2. අත කට
ක්‍රියාව හා කථාව; ඉපයීම හා කෑම බීම
3. අත කර
අතේ සහ බෙල්ලේ පළඳින ආභරණ; වසු පැටවුන්ට පළමු වරට කර ලන රැහැන
4. අත කොළුව
වඩුවා නියනට ගැසීම සඳහා තනා ගත් ලී මිටිය
5. අත ගැන්ම
අතින් අත ගැනීම; විවාහය; ඉතා සුහද බව දැක්වීම
6. අත දරුවා
වඩාගෙන යන බිළිඳා; පුරාණ කාලයෙහි සේවක කොටසකට කී නම; අතවැස්සා
7. අත පිට
මිළ දී ගන්නා අවස්ථාවෙහි ම ගෙවන මුදල
8. අත පුර
අන්තඃ පුරය; රජුගේ බිසෝවරුන්ගේ නිවාසය
9. අත පොළ
වළ කජු ගැසීම; වළ සල්ලි කිරීම වැනි ක්‍රීඩාවල දී කජු හෝ සල්ලි වළට දැමීම සඳහා ලකුණු කර ගත් ස්ථානය
10. අත බර
අතින් ඔසවා යා හැකි බර
11. අත බාල
බාල වයසෙහි සිටින; වයසින් අඩු
12. අත බැඳි ණය
හිතවත්කම මත ලබා ගත් ණය
13. අත බැලීම
අල්ලෙහි රේඛා බලා ඵලාඵල කීම
14. අත මිට
වියදම් කිරීමට ඇති වත්කම; වත් පොහොසත්කම; අතපිට මුදල
15. අත මෙහෙවර
රාජකාරියට හෝ අත හිලව්වට කරන සේවය
16. අත වැසි මඟුල
විවා මඟුල; සරණ මංගල්‍යය
17. අත හන
අත්සන
18. අතංගුව
කුඩා මාළුවන් ඇල්ලීමට වටකුරු ගැටියක දැලක් ගොටු ගසා සාදා ගත් මෙවලමක්
19. අතකය
එකැස් බෙරය හෙවත් රබාන
20. අතක්කාවචර
තර්කයට හසු නොවන; තර්කයෙන් ස්ඵුට කළ නොහැකි