to main page
Sinhala Explanatory Dictionary
selected terms: 125 page 1 of 7
1. අප
උත්තම පුරුෂ අනුක්ත බහුවචන රූපය
2. අපකර්ෂය
ඉවතට ඇදීම
3. අපකාර
අනර්ථය; හතුරුකම
4. අපකීර්තිය
නින්දාව
5. අපච්චි
අප්පුච්චා; අප්පොච්චි; පියා
6. අපචාරය
නොමනා හැසිරීම
7. අපත්‍ර
පියාපත් නැති; කොළ නැති
8. අපත්‍රපා
පවට බිය වීම
9. අපතේ
නිෂ්ප්‍රයෝජන ලෙස
10. අපථ්‍ය
පථ්‍ය නො වූ; සෞඛ්‍යයට නොගැළපෙන; නුසුදුසු, ලෙඩ කරවන ආහාර පාන
11. අපදානය
ඉවත් වීම/ කිරීම; අවධිකාරකය ◊ චරිතය; ජීවිත කථාව
12. අපදේශය
දැක්වීම; පෙන්වා දීම; යමකට ඉදිරිපත් කරන සාධකය
13. අපනයනය
නිෂ්පාදන විදේශයන්ට යැවීම; බැහැර කිරීම
14. අපනිධාන
සැඟවීම
15. අපනීත
ඉවත් කළ; දුරු කළ
16. අපපාඨය
වැරදි පාඨය
17. අපභ්‍රංශ
ප්‍රාකෘත විශේෂයක නම; ව්‍යාකරණානුකූල නො වූ, භාෂා ව්‍යවහාරය
18. අපර
පූර්ව නො වූ; බටහිර; අන්‍ය; අනෙක්
19. අපර ක්‍රියාව
වැකියක අවසාන ආඛ්‍යාතයට පසුව කරන ක්‍රියාව පවසන කෘදන්ත නිපාතය
20. අපර කාලය
පස්වරුව