to main page
Sinhala Explanatory Dictionary

අං අඃ අආ අක අඛ අග අඝ අඞ අඟ අච අජ අඤ අඥ අට අඩ අණ අඬ අත අථ අද අධ අන අඳ අප අබ අභ අම අඹ අය අර අල අව අශ අෂ අස අහ අළ අ‌
අභක අභද අභබ අභය අභව අභ් අභා අභි අභී අභු අභූ අභේ අභෝ
selected terms: 189 page 1 of 10
1. අභක්ත
නොබෙදන ලද; අනුභව නො කළ; භක්තිමත් නො වූ
2. අභද්‍ර
අයහපත්; පහත්
3. අභබ්බ
නුසුදුසු; නොහැකි; නොහැකි; අභව්‍ය
4. අභය
භය නැති; ආරක්ෂාව; ක්‍ෂමාව
5. අභය දක්ෂිණාව
ආරක්ෂාව දීම
6. අභය දානය
රැකවරණ සලසා දීම; මරණ භයින් මුදාලීම
7. අභය භූමි
වන සතුන් මැරීම තහනම් කොට ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩකඩ සලසා ඇති වන බිම; ආරක්ෂාව ඇති පෙදෙස
8. අභය මුද්‍රාව
භය නොවිය යුතු බව හා භය නොවන බව ද අඟවන (අභයදාන) මුද්‍රාව
9. අභයගිරි
අනුරාධපුරයෙහි වළගම්බා රජු විසින් කරවන ලද සුප්‍රසිද්ධ විහාරය හා එහි දාගැබ
10. අභයතුරා
අභයගිරි විහාරය හා දාගැබ
11. අභව්‍ය
නොවිය හැකි; ධර්මාවබෝධ කළ නොහැකි මාර්ග ඵලයට නොපැමිණිය හැකි පුද්ගලයා
12. අභ්‍යංගය
ඇඟේ තෙල් ගැල්වීම; කල්ක ආදිය ගෑම
13. අභ්‍යඛ්‍යානය
බොරුවෙන් චෝදනා කිරීම
14. අභ්‍යන්තරය
ඇතුළුපැත්ත
15. අභ්‍යන්තරයා
කුලුපග තැනැත්තා
16. අභ්‍යන්තරාර්ථය
ඇතුළුඅර්ථය; සැබෑ අභිප්‍රාය
17. අභ්‍යවකාශය
ඉතා ඉහළ පිහිටි අහස; වායු ගෝලයෙන් එහා ඇති අහස
18. අභ්‍යවහරණය
ආහාර ගැනීම
19. අභ්‍යවහාර්ය
කෑමට ගත යුතු
20. අභ්‍යස්ත
පුරුදු කරන ලද
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword