to main page
Sinhala Explanatory Dictionary
selected terms: 173 page 1 of 9
1. අය
තැනැත්තා; තැනැත්තෝ; පිරිස; ආදායම; අයස්; යකඩ; නක්‍ෂත්‍රයෙහි කේන්ද්‍රයේ එකොළොස් වැන්න; පංචි කෙළියෙහි උඩුකුරු කවය
2. අය ඉදි
යකඩමය හෝ ලෝහමය ඉදිකටුව
3. අය කරනවා
මුදල් ගන්නවා; අය බදු ගන්නවා
4. අය කුඩම
බදු එකතු කරන තැන
5. අය කුඩියා
බදු ගෙවන ගම් වැසියා
6. අය ගන්නවා
බදු අය කරනවා
7. අය ටැම්
යකඩ ටැඹ; අයස්තම්බය; යකඩ කණුව
8. අය දැකුම
රජුට හෝ විහාරයට දෙන පඬුර හෝ අය බද්ද
9. අය නිවේදන පත්‍රය
යකඩ
10. අය පඬුර
තුටු පඬුර, තෑග්ග; අය බද්ද
11. අය පස්
යකඩ සාදා ගැනීම සඳහා පොළොවෙන් හාරා ගනු ලබන පස් වර්ගයක; යපස්
12. අය පළ
අය බදු එකතු කරන තැන; රේගුව
13. අය පුස්තක
අයවැය පොත; ආදායම් ලේඛනය
14. අය බද්ද
රජයට ගෙවිය යුතු ආදායම් කොටස; කප්පම
15. අය බිම
ආදායමක් ඇති බිම; බද්දට යටත් බිම; යකඩ ඇති බිම
16. අය භාරය
රජයේ ආදායම
17. අය රැස
අය ස්ථානය; කේන්ද්‍රයේ එකොළොස් වන කොටුව
18. අය වැය
ආදායම හා වියදම
19. අය වැය ඇස්තමේත්තුව
බලාපොරොත්තු ආදායම් හා වියදම් ගණන් බලා මුදල් ඇමති වරයා විසින් පිළියෙල කරනු ලබන ලේඛනය
20. අය වෙනවා
මුදල් එකතු වෙනවා