to main page
Sinhala Explanatory Dictionary
selected terms: 262 page 1 of 14
1. අර
අර්ධ; විෂ්කම්භය ගරාදිය
2. අර ඉඳුවනවා
තිර කර ගන්නවා; සවිමත් ව සිටුවනවා
3. අරංගු
(පහන්) ඇගෑ; තොරණ; වැට
4. අරඅඳිනවා
සූදානම් වෙනවා
5. අරක්
රැකවල්; ආරක්ෂා
6. අරක් ගන්නවා
අධිගෘහිත වෙනවා; ආරක්ෂා කරමින් සිටිනවා
7. අරක් පොලය
කමතේ අරක් වළේ තබන පොලය
8. අරක් බෙල්ලා
කමතේ අරක් වළේ තබන බෙල්ලා
9. අරක් වළ
කමත භූතයන්ගෙන් ආරක්ෂා කරගැනීමට එහි මැද නිදන් වස්තු තැන්පත් කිරීමට හාරන වළ
10. අරක්කරුවා
රකින්නා; ආරක්ෂකයා
11. අරක්කාල
අලුක්කාල, කාලෙන් භාගය; අරික්කාල
12. අරක්කැමියා
අහර පිසින්නා; කෝකියා; මෙහෙකරුවා
13. අරක්කු
සැර මත් පැනක්
14. අරක්නා
ආරක්ෂක නායකයා
15. අරක්මේනා
රජගෙයි ආරක්ෂක මෙහෙයෙහි නායකයා
16. අරක්ෂිත
ආරක්ෂා නො කළ
17. අරකිනවා
ආරක්ෂා කරනවා; පරිස්සම් කරනවා
18. අරඝට්ට
ළිං වලින් දිය ඇදීම සඳහා යොදා ගත් යන්ත්‍රයක්'
19. අරජ
කෙලෙස් රහිත; දූලි නැති; රජෙකු නැති
20. අරජ විරිය
ඇරඹූ උත්සාහය; ආරබ්ධ වීර්යය