to main page
Sinhala Explanatory Dictionary
selected terms: 51 page 1 of 3
1. අහංකාරය
උඩඟුකම; තමා උසස් කොට සිතීම
2. අහඞ්‍කාරය
උඩඟුකම; තමා උසස් කොට සිතීම
3. අහත්තිය
අශක්තිය; වාරු නැතිකම; පිපාසය
4. අහම්බෙන්
බලාපොරොත්තු නො වූ පරිදි; හදිසියෙන්
5. අහර
ආහාරය; භෝජනය; මාර්ගය, පාර; හැසිරීම
6. අහල
අසල බ
7. අහස්
ආකාශය
8. අහස් කුස
ආකාශ ගර්භය
9. අහස් ගඟ
ආකාශ ගංගාව
10. අහස් මුල්
නුග, රසකිඳ ආදියෙන් පහළට බේරී එන මුල්
11. අහස් යානය
ආකාශ යාත්‍රාව
12. අහස් වියන
උඩු වියන
13. අහස් වෙඩි
අහසට නැඟී පුපුරා ගිනිමල් විහිදුවන වෙඩි විශේෂය'
14. අහස් සැරි
ආකාශචාරී; අහසෙහි සැරිසරන
15. අහස්පත
සරුංගලය
16. අහස්මි
ආස්මි
17. අහහ
නයා; සර්පයා
18. අහි දුප්පත්
ඉතා දිළිඳු
19. අහි විද්‍යාව
සර්ප විද්‍යාව
20. අහිංසක
නිදොස්; හිංසා නොකරන