to main page
Sinhala Explanatory Dictionary
selected terms: 27 page 1 of 2
1. ආන
ඇතිවන තැන; නිජ බිම; කැලය; පැදුරු මලු ආදිය තැබීමට එල්ලා ඇති ආධාරකය
2. ආනත
මඳක් නැමුණු; බෑවුම් ඇති; ඇලවුණු
3. ආනතිය
ඇලවීම; ඇලවුණු; ප්‍රමාණය
4. ආනනය
මුහුණ; වුවන; මුඛය; කටකලියාව
5. ආනනවා
කටින් හුස්ම පිට කරනවා; ඈනුම් අරිනවා
6. ආනන්තරික
අනතුරුව ම පැමිණෙන / සිදුවන
7. ආනන්දය
සන්තෝෂය; සතුට
8. ආනන්දරක
සතුට උපදවන; ප්‍රීතිය ගෙන දෙන
9. ආනම
මඳක් ඉස්ම සහිත වෑංජනය ◊ කුරහන් තලප ආදි කෑමට මුං; එළවළු; දඩ මස් ආදිය යොදා සාදා ගන්නා උකු හොද්ද'
10. ආනමානය
ඉලක්කය; කුරුමානම; ලක්ෂ්‍යය; උපාය; ප්‍රයෝගය
11. ආනයනය
පිටරටින් භාණ්ඩ ආදිය ගෙන ඒම
12. ආන්තර
ඇතුළෙහි වූ; ඇතුලින් ම ලැබෙන
13. ආන්තර ස්කන්ධය
න්‍යෂ්ටිය
14. ආන්ත්‍රික
අකුනු හෙවත් බඩවැල්
15. ආන්ධ්‍ර
දකුණු ඉන්දියාවේ නැගෙනහිර; පිහිටි ප්‍රාන් ත දේශයක්; තෙලිඟු රට; එරටෙහි වැසියා; ඔවුන්ගේ භාෂාව; තෙලිඟු බස'
16. ආන්ධාන් කරනවා
හික්මවනවා; හීලෑ කරනවා
17. ආනාදි
ගුරුළා; පරම්පරා ගණනක සිට පැවත එන; කපටි; තක්කඩි
18. ආනාදියා
කපටියා; තක්කඩියා
19. ආනාපාන
හුස්ම ගැනීම හා හෙලීම; ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
20. ආනාශංසය
ආනිශංසය