to main page
Sinhala Explanatory Dictionary
selected terms: 20 page 1 of 1
1. ආය
ආදායම; අය
2. ආයක්ත
අයත්; අවනත
3. ආයත
දික් වූ; දිග ඇති
4. ආයතනය
(3; ආගමික අධ්‍යාපන ආදි සංවිධානය
5. ආයති
මතු කාලය; අනාගතය
6. ආයස
යකඩින් කළ
7. ආයාචනය
ඉල්ලීම; අයැදීම
8. ආයාත
පැමිණියා වූ; ගෙන්වන ලද
9. ආයාමය
දිග
10. ආයිත්තම
ඇඳුම; ආභරණය; සැරසිල්ල
11. ආයු කල්
අතීත කාලය
12. ආයු සංස්කාරය
ආයුෂ වැළඳීමේ ශක්තිය
13. ආයුඃකල්පය
ඒ ඒ කාලයෙහි මිනිසුන්ට උරුම ආයුෂ ප්‍රමාණය
14. ආයුක්ත
නියැලුණු තැනැත්තා
15. ආයුදය
කැපිලි කෙටිලි ආදියට යොදා ගන්නා අවිය
16. ආයුධය
කැපිලි කෙටිලි ආදියට යොදා ගන්නා අවිය
17. ආයුර්වේදය
ජීවිතය දිගු කල් පවත්වා ගැනීමට උපදෙස් දෙන ශා ස්ත්‍රය; භාරතීය වෛද්‍ය ශාස්ත්‍රය'
18. ආයුරාරෝග්‍යය
(ආයුර්+ආරෝග්‍ය) දීර්ඝායුෂ හා සෞඛ්‍යය
19. ආයුෂ්මත්
වස් ගණනින් සම හෝ අඩු ඇමතීමේ දී භික්ෂූන් යොදන විශේෂණයක්; දීර්ඝ ායුෂ ඇති'
20. ආයෝජනය
ව්‍යාපාරයකට මුදල් යෙදීම; එසේ යොදන මුදල