to main page
Sinhala Explanatory Dictionary
selected terms: 28 page 1 of 2
1. ආලංකාරික්‍ය
කාව්‍යාලංකාර ශාස්ත්‍රයෙහි නිපුණ තැනැත්තා
2. ආලකමන්දාව
කුවේරයාගේ රජ දහන; අලකා පුරය
3. ආලග්න මුල්
පෝටා වැනි වැල්වල මුල්; ගසකට/ කණුවකට ව ැලක් බැඳීමට උපකාර වන මුල්'
4. ආලත්ති
දේවාලයන්හි දී ද රාජාදි ප්‍රභූන් ඉදිරියේ ද ී ද ගෞරවාර්හිවාදන පිරිස නටවමින් වණනු ලබන දැල්වූ පහන්; දැල්වූ පහන් ගෙන දළදා මැඳුරේ කරන පූජාවක්'
5. ආලත්ති අම්මා
ආලත්ති බෑමෙහි යෙදෙන කාන්තාව; ආලත්ති බානවා
6. ආලපන
ආමන්ත්‍රණය; ආමන්ත්‍රණය සඳහා යෙදෙන නාම විභක් තිය'
7. ආලම්බනය
අරමුණ එල්බීම; එල්බෙන දෙය
8. ආලම්බය
එල්බීම; ආධාරකය; ලඹ කැටය
9. ආලය
ඇල්ම; නුරාව; ආදරය; ගෘහය; වසන/ තිබෙන තැන
10. ආලවට්ටම
පුරාණයේ දී ප්‍රභූන්ගේ හිසට එසවූ/ මෙකල පෙරහරවල අවු අත්ත'
11. ආලවාලය
තෝතැන්න; ගසක්/ පැළයක් වටා වූ කුඩා දිය අගල
12. ආලස්‍යය
අලස බව
13. ආලානය
ඇතුන් බඳින කණුව
14. ආලාපය
කතා බහ; කුරුළු හඬ; විලාපය
15. ආලාපාළුව
වැවිලි ආදියට වන විනාශය
16. ආලිංගනය
වැලඳ ගැනීම
17. ආලින්දය
බරාඳය; ඉස්තෝප්පුව
18. ආලිප්ත
ආලේප කළ
19. ආලිස්සම
අලස බව; පසුබට බව
20. ආලේඛනය
ඇඳීම; ලිවීම