to main page
Sinhala Explanatory Dictionary
selected terms: 34 page 1 of 2
1. ආවට්ටය
කරකැවීම; පොලඹවා ගැනීම
2. ආවඩනවා
ආයුබෝවන් කියමින් දීර්ඝායුෂ පතනවා; ලාභ ප්‍රයෝජන නිසා කෙනෙකුගේ වැඩ පිළිවෙළට ප්‍රශංසා කරනවා'
3. ආවතේව
ඇප උපස්ථාන; වත් පිළිවෙත්
4. ආවර මේවර
කුදු මහත් වැඩ
5. ආවරණය
යම් කිසිවක් තව දෙයකින් වැසීම; මුවා කිරීම; වසන උ පකරණය; වෙනුවට වැඩ කිරීම'
6. ආවර්ජනය
සිත යොමු කිරීම; මෙනෙහි කිරීම
7. ආවර්ත මර්මය
ඇහි බැමට ඉහළින් ඇති මරු නිලය
8. ආවර්ත වගුව
මූල ද්‍රව්‍යයන්ගේ පරමාංක ක්‍රමාංක වැඩ ි වී යන පිළිවෙළට ඒවා වර්ග කර දක්වන චක්‍රය'
9. ආවර්තනය
කරකැවීම; පොලඹවා ගැනීම
10. ආවර්තය
ආවට්ටය
11. ආවර්තිතාව
යම් සිද්ධියක් සමාන අන්තරයක් ඇති ව නැවත නැවත සිදුවීම'
12. ආවලනය
වටලෑම; වෙළීම
13. ආවලිත
වෙළී ගිය; රැලි නැංවූ
14. ආවලිය
පෙළ; පෙළපත; වැල
15. ආවස්ථය
විශ්‍රාම ශාලාව; වාසස්ථාන; එළිමහනේ වූ ලැගුම් ගෙ ය'
16. ආවස්ථිත
අවස්ථානුරූප; සිදු වන අවස්ථාව පළ කරන
17. ආවහ
පමුණුවන; ගෙන දෙන
18. ආවහනය
පැමිණවීම; ගෙන දීම
19. ආවාට ගියාට
ඕනෑවට එපාවට; සැලකිල්ලක් නැතිව
20. ආවාටය
පොළොව හැරීමෙන් සෑදෙන විශාල ගැඹුරු වල