to main page
Sinhala Explanatory Dictionary

ඉං ඉක ඉග ඉඝ ඉඟ ඉච ඉජ ඉට ඉඩ ඉණ ඉත ඉද ඉන ඉඳ ඉප ඉබ ඉම ඉඹ ඉය ඉර ඉල ඉව ඉෂ ඉස ඉහ ඉළ
ඉනම ඉනය ඉන් ඉනැ ඉනි
selected terms: 27 page 1 of 2
1. ඉනම
එක ම පරම්පරාවේ පවුල් සමූහය; ගෝත්‍රය
2. ඉනයාර
ඊ කොපුව; හියවුර
3. ඉන්තේරුවේ
මුළුමනින්
4. ඉන්ද්‍ර
මේඝයට/ නැගෙනහිර දිගට අධිපති දෙවියා; සක් දෙ විඳු; අධිපතියා'
5. ඉන්ද්‍ර කීලය
පිරිත් මණ්ඩපයේ මැද සිටුවන කණුව
6. ඉන්ද්‍ර ඛීලය
පිරිත් මණ්ඩපයේ මැද සිටුවන කණුව
7. ඉන්ද්‍ර ගුරුළුව
ශුභාශුභ මුහුර්ත දක්වන ගුප්ත ශාස්ත්‍ර ක්‍රමයක්'
8. ඉන්ද්‍ර ගෝපකයා
වැසිකල්හි පොළොවෙන් මතුවන රතු/ සුදු පැහ ැති පළගැටි වර්ගයක්'
9. ඉන්ද්‍ර චාපය
දේදුන්න
10. ඉන්ද්‍ර ජාලය
මන්ත්‍ර ඖෂධ යෝගාදී බලයෙන් මායා දර්ශන මවා පෑම; ඇස් බැන්දුම; විජ්ජාව'
11. ඉන්ද්‍රජාලිකයා
ඇස් බැන්දුම්කාරයා
12. ඉන්ද්‍රනීල
ඉඳුනිල්; ඉතා වටිනා වර්ගයේ නිල් පැහැති මැණික් වෙසෙසක්'
13. ඉන්ද්‍රායුධය
දේදුන්න; ඉන්ද්‍රයාගේ ආයුධය
14. ඉන්ද්‍රිය
විජානනය ඇති කරන ශරීර අවයව
15. ඉන්ද්‍රිය ඥානය
ඉඳුරන්ගෙන් ලබාගත් ප්‍රත්‍යක්ෂ ඥානය
16. ඉන්ද්‍රිය නිග්‍රහය
ඉඳුරන් දමනය කිරීම
17. ඉන්ද්‍රිය විඥානය
ඉඳුරන්ට අරමුණු හමුවීමේ දී ඇතිවන දැනු ම'
18. ඉන්දිරා
විෂ්ණු දෙවිඳුගේ බිරිඳ; සිරිකත
19. ඉන්දීවර
නිලුපුල්; නිල් මහනෙල්
20. ඉන්දු
චන්ද්‍රයා; සඳ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword