to main page
Sinhala Explanatory Dictionary
selected terms: 14 page 1 of 1
1. ඉව
ඇතැම් සතුන්ට ඇති ගඳ සුවඳින් යම්කිසි වස්තුවක් හැඳින ගැනීමේ ශක්තිය; පැහැදිලි හේතුවක් නැතිව ඉබේ ඇතිවන දැනුම ඉව අල්ලනවා කරනවා'
2. ඉව අල්ලනවා
සතුන් ආඝ්‍රාණය කොට බලනවා
3. ඉව කරනවා
සතුන් ආඝ්‍රාණය කොට බලනවා
4. ඉවක් බවක්
වැටහීමක්; හැඳිනීමක්; දැනීමක්
5. ඉවත
බැහැර
6. ඉවත් කරනවා
බැහැර කරනවා
7. ඉවත්තේ යනවා
(හරකුන්) රැලේ යනවා
8. ඉවර
අවසානය; නිමාව; කෙළවර
9. ඉවසනවා
විඳ දරා ගන්නවා; බාර ගන්නවා
10. ඉවසිලිමත්
විඳ දරා ගන්නා සුළු
11. ඉවහල්
අතිශයින් උපකාරී වූ
12. ඉවුම් පිහුම්
අහර පිසීම; කෑම ඉවීම
13. ඉවුර
වේල්ල; බැම්ම; ගංගා ආදියෙහි අයින; අද්දර
14. ඉවුරුව
වඩදිය ගැලීම