to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. උභතෝකෝටික
දෙකෙළවරක් ඇති හෙයින් විසඳීමට අපහසු
2. උභතෝධාර
දෙපැත්තේ ම මුවාත ඇති
3. උභතෝමාර්ගය
දෙවැදෑරුම් මඟ; මලමාර්ගය හා මුත්‍ර මාර්ගය
4. උභය
දෙකක් වූ
5. උභය කුලය
මව්පිය පරම්පරා දෙක
6. උභය මන්ත්‍රී මණ්ඩලය
නියෝජිත මැති සබය හා සෙනෙට් මැති ස බය යන මැති මඬුලු දෙක'
7. උභය ලෝකය
මෙලොව හා පරලොව යන දෙලොව
8. උභය ලෝකයා
උඩු කයෙන් හා යටි කයෙන් යන දෙකෙන් ම මිටි වූ මි නිසා'
9. උභය වාසය
වන වාසය හා ග්‍රාම වාසය යන භික්ෂු ආයතන දෙක
10. උභය සමෘද්ධිය
දෙලොව යහපත
11. උභයචර
දිය ගොඩ දෙකෙහි ම හැසිරෙන
12. උභයචාරී
දෙපැත්තේ ම හැසිරෙන
13. උභයත්‍ර
දෙතන්හි
14. උභයාංගය
උඩු කය හා යටි කය
15. උභයාංශය
අංශ දෙක හෙවත් දෙවුර;
16. උභයාර්ථ
(උභය + අර්ථ මෙලෝ පරලෝ දියුණුව; ආත්මාර් ථය හා පරාර්ථය; අර්ථ දෙකක් ඇති කියමන'
17. උභයාලංකාරය
කාව්‍යයක ඇති අර්ථාලංකාරය හා ශබ්දාලංකාරය යන දෙක'