to main page
Sinhala Explanatory Dictionary
selected terms: 99 page 1 of 5
1. එක
ආරම්භක සංබ්‍යාව; එක් දෙය;
2. එක පයින්
සම්පූර්ණ කැමැත්තෙන්
3. එක එල්ලේ
කෙළින් ම
4. එක කතු කිරිය
එක ම කර්තෘ; එක ම කර්තෘ කෙනෙකුගේ ක්‍රියා
5. එක කුස
එක ම මව් කුස
6. එක තුන් දෙවිඳු
ක්‍රිස්තියානි පිතා පුත්‍ර ශුද්ධාත්ම යන ත ්‍රිත්වය'
7. එක දෙක කරනවා
වැඩි කරනවා; වැඩි කොට කියනවා
8. එක දෙස
ඒක දේශය; කුඩා කොටස
9. එක නෑයෝ
ලේ නෑයෝ
10. එක නිනාදය
ඒකනින්නාද; නො කැඩී කෙරෙන ලොකු ඝෝෂාව
11. එක නෙත්තා
එක ම ඇසක් ඇති තැනැත්තා
12. එක පණ
තම පණ හා සමාන
13. එක පා
එක පයක් ඇති; එක කණුවක් ඇති
14. එක පාර
එක වර
15. එක පැහැර
එක වරට ම; එක පාරට ම
16. එක බඳ
එකට බැඳුණු; එක හා සමාන
17. එක බස
ඒක වචනය
18. එක මිතුරා
එක ම මිත්‍රයා; පරම මිතුරා;
19. එක රඟ
එක ඇසුරින්
20. එක සර
ඒකචාරී වූ; එකලාව හැසිරෙන; එකලාව ජිවත් වන