to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 1 of 2
1. කත
කාන්තාව; කාන්තිය
2. කතකිච්ච භාවය
කරන ලද කටයුතු ඇති බව; කළ යුතු සියලු දේ ක ොට නිමවා අවසන් බව'
3. කතකුබ්බය
පොළොව යට සෑදූ සොහොන් ගැබ
4. කතර
දුෂ්කර මාර්ගය; කාන්තාරය
5. කත් අදිනවා
කදෙන් බර අදිනවා දි; කදක් කරෙන් ගෙන යනවා; ලාභය උදෙසා බැළ මෙහෙ කරනවා'
6. කත්තරය
සමූහය; රංචුව
7. කත්තරේ
සමූහය; රංචුව
8. කත්තුව
ලීයෙහි කපන කට්ටය
9. කතා පුවත
ජනප්‍රවාදය; කථා ප්‍රවෘත්තිය
10. කතා පෙට්ටිය
ග්රැමෆෝනය
11. කතාව
කථා කිරීම; කථාන්තරය
12. කතිකා
සම්මුතිය
13. කතිකා කරනවා
සමූහයක් එකතු වී සාකච්ඡා කරනවා
14. කතිකාවත
සංඝයා විසින් කතිකා කොට සම්මත කරගත් ව්‍යවස්ථා සංග්‍රහය'
15. කතිකීස්මය
ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් ආගම ඉගැන්වීම
16. කතිපය
කිහිපය
17. කතිපයාධිකරණය
{පාරිභා; } කිහිප දෙනෙකු වෙත රැඳී ඇත ි තීරක බලය'
18. කතිර කොඩිය
ඉංග්‍රීසි කොඩියට යෙදුණු නමක්
19. කතිරය
ඇල ඉරි දෙකක් එකිනෙක මැදින් කැපෙන සේ යෙදූ සලකුණ
20. කතිසාරු
කතිකීස්ම මඟින් ආගම උගන්නවන ගිහි දේශකයා