to main page
Sinhala Explanatory Dictionary
selected terms: 30 page 1 of 2
1. කඳ
ශරීරය; ගසක ප්‍රධාන කොටස ◊ කතරගම දෙවිඳු
2. කඳ අලය
හබරල වැනි ගස්වල කඳෙන් පොළොවට යට වූ මුල් කොටස
3. කඳ පණුවා
කුරුමිණි බිත්තරයෙන් ඉපදී ගසක කඳ තුළ වැඩෙන කීටය ා'
4. කඳ බාන
ගවයාගේ කරේ බඳින කෙටි කඹය
5. කඳ බානවා
{කථා; } අතු කපා දමනවා
6. කඳ බිජු
රෝපණය (හැදීම) සඳහා ගන්නා මඤ්ඤොක්කා වැනි ගස්වල කඳේ කෑලි'
7. කඳ බෙරය
කැති තලය මිටෙහි සවි කිරීමට ආධාර කරගන්නා යකඩ ව ිල්ල'
8. කඳ හෙළනවා
මිය යනවා
9. කඳට
බෙල්ල; කර
10. කඳටිය
ගසක කඳ කොටස
11. කඳන
අඬන
12. කඳන් කියත
හරස් කියත
13. කඳන් කොටන්නා
බෙර වයන්නා
14. කඳප
අනංගයා
15. කඳඹ
රශ්මි සමූහය; කදම්බය; කොළොම් ගස; බකිනි ගස
16. කඳවත්
විනය පිටකයේ මහවග සුලුවග යන ග්‍රන්ථවල එන ඇ දුරුවත් සෙනසුන්වත් ආදිය'
17. කඳවුරු බඳිනවා
යුද සෙනඟක් වාඩිලා ගන්නවා
18. කඳු බානවා
{කථා; } අතු කපා දමනවා ◊ බානවා බ
19. කඳු බෑවුම
කන්දේ බැස්ම ඇති පැත්ත
20. කඳු වැසි
දැඩි කෝපය නිසා ඇසින් වැගිරෙන දියර