to main page
Sinhala Explanatory Dictionary
selected terms: 165 page 1 of 9
1. කල
කාලය; අවස්ථාව; මරණය; කාන්තාව (වි; ) මනෝඥ; මිහිරි
2. කල ඉත්ත
දවුල් මුහුණත; දවුලක දෙපැත්තේ ඇති හම
3. කල එළි බහිනවා
නැටුමක් පළමුවරට නටා පෙන්වනා
4. කල එළිය
එළිමහන; අලංකාරය; දියුණුව; නැට්ටුවෙකු කල එළි බ හිනවා (ක්‍රි; ) පළමුවරට ප්‍රසිද්ධියේ නටා පෙන්වනවා'
5. කල එළියා
ප්‍රසිද්ධිය තකා වැඩ කරන්නා; පුහු ආටෝපය ඇති පුද්ගලයා
6. කල දවස
කාලය ගෙවෙන ආකාරය
7. කලං කොළය
කොළ පත
8. කලංකය
කැළල; ලපය; ලකුණ; ඉතා විශාල සංබ්‍යාවක්
9. කලංගය
කොළපතින් සාදාගන්නා මල්ල; කොළපත් ගොටුව
10. කලඔ
කළු වලාව; වැහි වළාකුළ
11. කලකලධ්වනිය
සමූහයක හෝ යුද සේනාවක අවුල් ඝෝෂාව
12. කලකලය
කලබලය; කැළඹිලි සහිත ඝෝෂාව; ආකුල හඬ
13. කලක්කට්ටු
ආම්පන්න; උපකරණ; අවශ්‍ය දේ
14. කලකිරෙනවා
ආශාව නැතිව යනවා; නො ඇලීමට පත් වෙනවා'
15. කලකෝලාහල
අඬදබරය; කලබලය
16. කලට
සුසු අවස්ථාවෙහි
17. කලටිය
නො මේරූ පොල් ගෙඩිය
18. කලණ
යහපත්; සුන්දර; ගුණවත්
19. කලත
සමූහය; ගොඩ
20. කලත්‍ර
භාර්යාව; භාර්යාව හෝ ස්වාමි පුරුෂයා