to main page
Sinhala Explanatory Dictionary
selected terms: 258 page 1 of 13
1. කා වැටෙනවා
රංඩු වෙනවා; බැණ ගන්නවා; කු ළල් කා ගන්නවා'
2. කාංගිය
(නා) කට්ටිය
3. කාංශා විනෝදය
සැක දුරු කිරීම; ශෝකය නිවීම
4. කාංශාව
සාංකාව; සැකය; බලාපොරොත්තු කඩවීමෙන් ඇති වන ශෝකය
5. කාංස්‍ය ලෝහ
තඹ බෙලෙක් මිශ්‍රණයෙන් සාදාගත් ලෝකඩ
6. කාංසාව
සාංකාව; සැකය; බලාපොරොත්තු කඩවීමෙන් ඇති වන ශෝකය
7. කාංසිය
තනිකම; සිතේ ඇතිවන පාළු ගතිය ◊ තනිකම; සිතේ ඇතිවන පාළු ගතිය; කනස්සල්ල
8. කාක නිල
තද නිල් පැහැය; කළු නිල; කළුවට හුරු තද නිල් මැ ණික'
9. කාක පිඬු
කපුටන්ට දෙන ආහාර පිණ්ඩය, කපුටු දානය
10. කාක පිම්ම
දණ නමා ඉඳගෙන මඳක් ඉදිරියට පැනීම
11. කාක වන්ධ්‍යා
එක් දරුවෙකු පමණක් ලබන ස්ත්‍රි
12. කාකච්ඡ ශබ්දය
නින්දේ දී ගොරවන හඬ
13. කාකත
සරස්වතී
14. කාකප්‍රේතයා
කපුටෙකු වැනි ප්‍රේතයා
15. කාකපාදය
ලිවීමේ දී ඇතිවන ඌනතා පිරවීමේ දී පෙළට යටින් යො දන කපුටු පාදයක් වැනි සලකුණ'
16. කාක්කා
කපුටා
17. කාක්දචන
රත්රන්; ස්වර්ණ
18. කාකුව
වෙනත් අරුතක් ඇඟවීම සඳහා කටහඬෙහි ඇතිකරන වෙනස්කම
19. කාකොටාගන්නවා
ගහබැණ ගන්නවා
20. කාගියාසි
කය අනුව යැවූ සිහිය