to main page
Sinhala Explanatory Dictionary
selected terms: 158 page 1 of 8
1. කැක්කුම
කකියෑම; වේදනාව
2. කැකිරි වැළ
බාගෙට ඉදුණු කොස් හා බාගෙට ඉදුණු මදුළු ඇති කොස්'
3. කැකුළ
මල් පොහොට්ටුව; තද බව
4. කැකුළම
මඩ නො කර කොටා සකස් කරන කුඹුර
5. කැකුළම් ඉහිනවා
පැළ නොකළ වී වපුරනවා
6. කැකුළම් කොටනවා
වියළි බිම කොටා පෙරළනවා
7. කැකුළා
පිරිමි ළමයා; චණ්ඩියා; අදාන්තයා
8. කැකුළු
රළු; තද; ගො‌රෝසු; චණ්ඩ; නො තැම්බූ
9. කැට
ගල; කුඩා ගල; කැඩපත; පොල් කට්ටෙන් හෝ ලබු කට්ට ෙන් සාදා ගත් භාජනය; ටිකින් ටික මුදල් එකතු කරන බඳුන; දාදු කැටය'
10. කැට කණුව
මායිම් කණුව
11. කැට කන්ද
කන්දක් මෙන් දිග අතට තැබූ ගොයම් මිටි ගොඩ
12. කැට කැබිලිති
ගල් කෑලි
13. කැට තබනවා
ස්ථිර කර කියනවා; සහතික කර ක ියනවා'
14. කැට පහර
ගල් ගැසීම; ගලින් පහර දීම
15. කැට පෝරුව
ගොවි ලෑල්ල
16. කැට යත්ත
තල දෙකක් සහිත කුඩා යතු වර්ගයක්
17. කැට වළ
සතුන් වෙඩි තැබීමේ දී සැඟවී සිටීමට තනා ගන්නා වළ
18. කැටපත් පවුර
සීගිරි ගලෙහි තනා ඇති එක පැත්තක් ඔප කළ ප්‍ රාකාරය'
19. කැටවත
නඟුලේ කඳ; වක් අත්ත
20. කැටසන
මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෙකු ගැසූ ගලක් වැටෙන තැනි න් සලකුණු වන දුර ප්‍රමාණය'