to main page
Sinhala Explanatory Dictionary
selected terms: 157 page 1 of 8
1. කිංකර
කීකරු; කියන දේ කරන ◊ සේවකයා
2. කිංකිණිජාල
කුඩා මිණි ගෙඩි වැල්; (ආභරණයක් වසයෙන් බඳිනු ලබන) ගිගිරි වැල්'
3. කිංශුක
එරබදු ගස; කෑල ගස
4. කිකරු
කියන දේ කරන
5. කික්ක
කුක්කා යන්නෙහි ස්ත්‍රී වාචක පදය; බලු කික්කී
6. කික්කී
කුක්කා යන්නෙහි ස්ත්‍රී වාචක පදය; බලු කික්කී
7. කිකිණි
කිංකිණි; ගෙජ්ජි
8. කිකී
කිරළී; කිරළ පක්ෂියාගේ ගැහැණු සතා
9. කිඤ්චි මාත්‍රය
ස්වල්පය; ලේශ මාත්‍රය
10. කිඤ්ජල්ක
නාමල් රොන්; නෙළුම් මල් රේණු
11. කිඤ්ජාලය
මකුළු දැල
12. කිට්ටංගය
බඩු ගබඩාව
13. කිට්ටංගයා
බඩු ගබඩාව
14. කිට්ටු
අසල්; ආසන්න
15. කිට්ටුව පාත
ළඟ පාත
16. කිට්ටුවර
(නෑ කමින්) සමීප වූ; සමීප වූ; ළං වූ
17. කිඩ
ක්‍රීඩාව; සෙල්ලම
18. කිඩ ගහනවා
දණ බිම ගහනවා
19. කිඩංගුව
ඇළ; ගැඹුරු ජලාශය
20. කිඩාරං
ගඳ ගසන මලක් හට ගන්නා හබරල විශේෂයක්