to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 1 of 2
1. ගජ
ඇතා; අලියා; හස්තියා ◊ මහත්; විශාල; ලොකු; ඇතුන්ගේ ආකාර
2. ගජ අත
ඇත් හොඬය
3. ගජ කුම්
ඇතාගේ කුම්භ ස්ථලය
4. ගජ කුඹු
ඇතාගේ කුම්භ ස්ථලය
5. ගජ ඝටා
ඇත් සමූහය
6. ගජ චක්‍රය
වළල්ලක් සේ සිටි ඇත් ‌සේනාව
7. ගජ නිමීලනය
ඇතාගේ බැල්ම; ඇතෙකුගේ මෙන් ඇසි මඳක් විවර කො ට බැලීම'
8. ගජ පොව්වා
ඇත් පැටවා
9. ගජ මිත්‍රයා
අඹ යාරෑවා; හොඳ ම මිතුරා
10. ගජ මුතු
ඇත් දළ තුළ හෝ කුම්භ ස්ථලයෙහි සෑදෙන මුතු
11. ගජ ලිය
ඇතින්න
12. ගජ සෙන්
ඇත් හමුදාව
13. ගජ හපනා
අති දක්ෂයා
14. ගජං කුස
හෙණ්ඩුව
15. ගජතා
හස්තියා; අලියා; ඇතා
16. ගජනවා
ඇතුන් හඬදෙනවා; ගර්ජනා කරනවා
17. ගජන් වත
ඇත් මුහුණ; ගණ දෙවියා
18. ගජනාව
කාලතුවක්කුව
19. ගජබින්න අලංකාරය
බොරුවක් ගොතා කියන විට එය ගජබින්න අලංක ාරයේ සඳහන් යයි කීම බැවහැරයේ පවතින්නකි; මනඃකල්පිත ප්‍රබන්ධයක නම; සිතින් මැවූ පොතක්'
20. ගජබින්නකාරයා
නිතර බොරු කියන්නා