to main page
Sinhala Explanatory Dictionary
selected terms: 19 page 1 of 1
1. ගන
ඝන වූ; තද ◊ වලාකුළ; වැස්ස
2. ගන අඳුර
තද කළුවර
3. ගන කල
වැහි කාලය; මේඝ කාලය
4. ගන සමා
වර්ෂා ඍතුව
5. ගන සා
ගන වූ ශාඛා ඇති
6. ගන`කඩ බොල්
ඉතා ඝන වූ; අබණ්ඩ වූ; මහත් වූ
7. ගන්ධ
නාසයට දැනෙන ගඳ හෝ සුවඳ
8. ගන්ධ කාෂ්ඨය
සඳුන් වැනි සුවඳ වහනය වන ලීය; සුවඳ ලීය
9. ගන්ධ කුටිය
බුදුන් වහන්සේ වැඩ විසූ කුටියට ව්‍යවහාර කළ නාමය; ගඳ කිළිය'
10. ගන්ධ චූර්ණ
සුවඳ කුඩු
11. ගන්ධ මෘගයා
කස්තුරි මුවා
12. ගන්ධ යුක්තය
නොයෙක් සුවඳ සංයෝග කොට වෙනත් සුවඳ වර්ග පිළ ියෙළ කිරීමේ කලාව'
13. ගන්ධ ශාලී
වී වර්ගයක්; සුවඳ හැල්
14. ගන්ධඥයා
සුවඳ පිළිබඳ විශේෂඥයා
15. ගන්ධමාදන
අනවතප්ත විල වටා ඇතැයි විශ්වාස කරන ගිරි කුළු පහෙන් එකක්'
16. ගන්ධර්ව පූජාව
සංගීතයෙන් කරන පූජාව; නැටුම් ගැයුම් වැයු ම් ආදියෙන් දක්වන උපහාරය'
17. ගන්ධර්ව විද්‍යාව
සංගීත ශාස්ත්‍රය
18. ගන්ධාපණය
සුවඳ සල්පිල
19. ගන්ධාර
දඹදිව ප්‍රධාන ජනපදයන්ගෙන් එකක්; ප්‍රසිද්ධ මූර්ති සම්ප්‍රදායක්'