to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17 page 1 of 1
1. ගිලටිනය
යාන්ත්‍රිකව පහත හෙලා හිස සිඳ දමන තියුණු තලයක් සහිත උපකරණයක්; පොත් දාර කැපීමට ගන්නා එබඳු උපකරණය'
2. ගිලන්
රෝගාතුර; රෝගී ◊ ගිලනා
3. ගිලන් තැන
රෝගී තැනැත්තා
4. ගිලන් පස
භික්ෂූන් වහන්සේට පිරි නමන පාන වර්ග
5. ගිලන් බත
ලෙඩුන් සඳහා පිළියෙළ කරන සැහැල්ලු ආහාරය
6. ගිලන් මැස්ස
ලෙඩුන් එහා මෙහා ගෙන යෑම සඳහා යොදාගන්නා ඇඳ ක් වැනි තට්ටුව'
7. ගිලන් වතුර
කිළන් වතුර බ
8. ගිලන්හල
ආරෝග්‍යශාලාව; රෝහල
9. ගිලනා
රෝගියා; ලෙඩා
10. ගිල්ම
ගංගා වැව් ආදියේ ජලය උතුරා ගොස් ප්‍රදේශයක් යට වී පැවතීම; එසේ යට වී පවත්නා ප්‍රදේශය'
11. ගිල්ලනවා
දියෙහි ඔබනවා; ගිලෙන්ට සලස්වනවා
12. ගිල්වනවා
දියෙහි ඔබනවා; ගිලෙන්ට සලස්වනවා
13. ගිලා බහිනවා
යමක් ඉබේ ගිලී පහළට යනවා
14. ගිලානෝපස්ථාන
ගිලානෝපස්ථානය බ
15. ගිලිනවා
කටට ගෙන උගුරෙන් පහළට යවනවා
16. ගිලිහෙනවා
ගැලවී වැටෙනවා
17. ගිලෙනවා
දියෙහි යට යනවා; කටට ගත් දෙය උගුරෙ න් පහළට යනවා'