to main page
Sinhala Explanatory Dictionary
selected terms: 132 page 1 of 7
1. ගිං පොල්
කරදිය සහිත වගුරු බිම්වල වැවෙන කුඩා පොල් වර්ගයක්'
2. ගිගිරාන
මහ ගල්වලින් ගැවසුණු කඳුකර ප්‍රදේශය
3. ගිගිරි වළල්ල
නැට්ටුවන් පළඳින මිහිරි නද උපදවන පා සලඹ
4. ගිගිරිය
ඝෝෂාව; ගෙරවිල්ල; ගෙජ්ජිය; කිංකිණිය
5. ගිගුම
ඝෝෂාව; මහත් ශබ්දය
6. ගිගුරුම
ගර්ජනය; හෙණ හඬ; සංහාදීන් උගුරෙන් උපදවන ශබ්දය
7. ගිජිඳු
ඇත් රජ
8. ගිජු
ලෝභී; කෑදර; ලොල් ◊ ආශාව; ලෝභය; ඇතා; ගිජුලිහිණියා
9. ගිජුලිහිණියා
හිසේ සහ බෙල්ලේ පිහාටු නැති මාංසභක්ෂක ශක්ති මත් විශාල පක්ෂියෙක්'
10. ගිණිකනවා
අයුතු ලාභ ලබනවා
11. ගිණිය
ගණිකාව
12. ගිතාරය
ඇඟිලි තුඩුවලින් වාදනය කරන වයලීනයක හැඩයෙන් යුතු අපරදිග තූර්ය භාණ්ඩයක්'
13. ගිතෙල්
එළකිරි යොදයෙන් සාදන තෙල්
14. ගින්
මෙන්; සේ
15. ගිනි
අග්නිය; ගින්න ◊ ගින්න පිළිබඳ වූ
16. ගිනි අට දොම්බ
ගිනි පෙනෙල්ල
17. ගිනි ඇඳිරිය
ඉර බැසයන වෙලාව
18. ගිනි කණ
ගිනි පුපුර; ගිනි පුළිඟුව
19. ගිනි කන
අයුතු ලෙස මුදල් අය කරන
20. ගිනි කන්ද
පොළොව තුළ ඇති ලෝදිය ගිනි අළු උනු දිය ආදිය න ිතර හෝ වරින් වර හෝ විහිදුවන විවරයක් සහිත මුනක් ඇති කන්ද; යමහල'