to main page
Sinhala Explanatory Dictionary
selected terms: 23 page 1 of 2
1. චක්කරය
ක්‍රමානුකූල ව සකසන ලද කරුණු ගණන් ආදියේ ලැයිස්ත ුව; වගුව'
2. චක්ෂණය
දැකීම; මනසින් හෝ නැණැසින් දැකීම
3. චක්ෂු
ඇස; නේත්‍රය
4. චක්ෂු කලාපය
ඇස සෑදී ඇති කොටස් සමූහය
5. චක්ෂු ගෝචර
ඇසට ගොදුරු වන; ඇසට පෙනෙන
6. චක්ෂු පථය
ඇසට පෙනෙන තෙක් මානය
7. චක්ෂු මෝහනය
ඇස රැවටීම
8. චක්ෂු රසායනය
ඇස පිනවන වස්තුව
9. චක්ෂුර්ද්වාරය
ඇස නමැති දොරටුව
10. චක්ෂුර්විඥානය
රූපය හඳුනා ගන්නා සිත
11. චක්ෂුර්විෂය
පෙනෙන තෙක් මානය
12. චක්ෂුරින්ද්‍රය
ඇස නමැති ඉන්ද්‍රිය
13. චක්ෂුස
ඇස
14. චක්‍ර නාභි
රථ රෝදයේ බොස් ගෙඩිය; රෝදයේ මැද
15. චක්‍ර මුබයා
ඌරා
16. චක්‍ර යන්ත්‍රය
සෙක්කුව
17. චක්‍ර සරඹය
නාට්‍ය ශිල්පයේ එක්තරා අභ්‍යාස ක්‍රමයක්
18. චක්‍ර හරඹය
නාට්‍ය ශිල්පයේ එක්තරා අභ්‍යාස ක්‍රමයක්
19. චක්‍රය
රෝදය; කවය; වළල්ල
20. චක්‍රවාක
ජලචර පක්ෂියෙක්; සක්වා ලිහිණියා