to main page
Sinhala Explanatory Dictionary
selected terms: 38 page 1 of 2
1. චිතකය
මළ සිරුරක් දැවීම සඳහා තනන දර සෑය
2. චිත්ත
සිතුවිලි හැඟීම් ආදියට පදනම් වන ප්‍රකෘති මන ස; සිත'
3. චිත්ත කථික
විසිතුරු මල් ලෙස කථා කරන්නා
4. චිත්ත ක්ෂෝභය
සිත කම්පා වීම
5. චිත්ත ග්‍රහණය
සිත දිනා ගැනීම
6. චිත්ත දමනය
සිත හසුරුවා ගැනීම; සිත හික්මවීම
7. චිත්ත ධර්මය
සිතෙහි ස්වභාවය
8. චිත්ත ධාතු
පියවි සිත
9. චිත්ත ප්‍රවාහය
සිතිවිලි ධාරාව; චිත්ත පරම්පරාව
10. චිත්ත ප්‍රවෘත්තිය
ජවන් සිත් වශයෙන් සිතේ පැවැත්ම
11. චිත්ත ප්‍රීතිය
සිතේ සතුට
12. චිත්ත පීඩාව
සිත් වේදනාව
13. චිත්ත වික්ෂේපය
සිත එක් අරමුණක නො එල්බීම; සිත විසිර යෑ ම'
14. චිත්ත විභ්‍රමය
සිහි මුළාව; ඔල්මාදය
15. චිත්ත විවේකය
සිත ලබන සැනසිල්ල
16. චිත්ත සමාධිය
චිත්තේකාග්‍රතාව; සිගේ එකඟ බව
17. චිත්තක්ෂණය
සිතක් ඉපිද පැවත නැතිවීමට ගත වන කාලය
18. චිත්තකාන්තය
සිත් ඇද ගන්නා සුලු
19. චිත්තජ
සිතෙහි ඇති වූ; සිතෙන් උපන්
20. චිත්තධර්මවාදය
සිතෙන් ම කල්පිත දේ විනා ද්‍රව්‍යමය වස්තු නැතැයි උගන්වන දර්ශනය; විඥානවාදය'