to main page
Sinhala Explanatory Dictionary
selected terms: 22 page 1 of 2
1. තව
වැඩිමනත්; තපස; කෙලෙස් තැවීම
2. තව දක්වා
මේ දක්වා
3. තවඩම් වැල
වෙස් ඇඳුමෙහි තිබෙන මාලය; උර වැල
4. තවනවා
රත් කරනවා; පුළුස්සනවා
5. තවපැල
තාපසාරාමය
6. තවරනවා
ගානවා; ආලේප කරනවා
7. තවරු
සිත්තරා
8. තවලම
සතුන්ගේ පිට බඩු පටවා ගෙන යෑම
9. තවසග
කෙලෙස් දවන ගින්නක් වූ තාපස දහම
10. තවසර
තපස් චර්යාව
11. තව් ඇටය
වේලී ගෙන එන කජු ඇටය
12. තව් කටුව
සිදුරු විදින උපකරණය
13. තව් සාක්කුව
නො වැසූ සාක්කුව හෝ මල්ල
14. තව්කැලි
තාවකාලික
15. තව්ලාව
කුරුණි පෙට්ටිය
16. තව්ව
විදින ලද සිදුර
17. තව්වනවා
යමක යන්තම් එල්ලා තබනවා; දවටනව ා; තාවකාලික ව පිළියම් කරනවා'
18. තවාන
පැලවීම සඳහා බීජ වර්ග සිටුවා ඇති බිම් කොටස
19. තවිකය
පාත්‍ර පසුම්බිය; ථවිකාව
20. තවුස් පැවිද්ද
තාපස ප්‍රව්‍රජ්‍යාව