to main page
Sinhala Explanatory Dictionary
selected terms: 1,063 page 1 of 54
1.
ශබ්ද කාරකය; මධ්‍යම පුරුෂය; මධ්‍යම පුරුෂ ඒක වචන සර්ව නාමය තෝ තා'
2. තංගම්
පෘතුගීසීන් ලංකාවේ භාවිතා කළ කාසියක්
3. තංගුස්
සතුන්ගේ අතුණුවලින් හෝ කෘත්‍රිමව හෝ තනා ගන්නා ශ ක්තිමත් නූල් විශේෂයක්'
4. තංඩලේ
බර කරත්තයේ යොදා ඇති ගොන් බානට අමතර ව ඉදිරියෙන් යොදා ඇති ගොන් බාන; කරත්තයට එම ගොන් බාන යොදන ඒරියා කඳ'
5. තක
තර්කය; තක්‍රය, මෝරු; බෙර පදයක කොටසක්
6. තකතිරුවා
මෝඩයා
7. තකනවා
සලකනවා; තර්කණය කරනවා
8. තකවණවා
තකනවා යන්නෙහි ප්‍රයෝජ්‍ය රූපය
9. තකහණිය
හදිසිය; ඉක්මණ
10. තක්කඩියා
කපටියා; වංචාකාරයා
11. තක්කණම
සංඥාව; හෝඩුවාව; ලංකාවේ දකුණු දිශාව
12. තක්කු මුක්කුව
කලබලය; නොසන්සුන් බව
13. තක්කු වික්කුව
කලබලය; වික්ෂිප්ත භාවය
14. තක්කුව
හදිසිය
15. තක්ෂක සූත්‍රය
අඟලෙන් අටෙන් එකක පරිමාණය ඇති වඩු නූල
16. තක්ෂකයා
වඩු කාර්මිකයා
17. තක්ෂණය
වඩු කර්මාන්තය; තාක්ෂණික විද්‍යාව
18. තක්සේරුව
යමක වටිනාකම නිශ්චය කිරීම; ඇගයීම
19. තක්‍ර
පස්ගෝරසයෙන් එකක් වූ මෝරු
20. තකා පතකා
හොඳින් සලකා විශේෂයෙන් සූදානම් ව