to main page
Sinhala Explanatory Dictionary
selected terms: 13 page 1 of 1
1. දඩ
කැලෑව; වනාන්තරය; වන සතුන් මරා ගැනීම; දඩයම; දඬ ුවම් වශයෙන් ගෙවන මුදල'
2. දඩ කෙළිය
විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම
3. දඩ පැල
දඩයමට රැක සිටීම සඳහා කැලයේ සැදූ කුඩා පැල්පත
4. දඩ මස්
මරා ගත් වන සතුන්ගේ මස්
5. දඩ මීමා
කැලෑ මී හරකා; වන සතුන් දඩයම් කර ගැනීමට උදවු කර ගන්නා මී හරකා'
6. දඩ වහල්ල
කෙසෙල් කැනේ ඇවරි සම්බන්ධ වී ඇති මහ නාරටිය හෙ වත් වහල්ල'
7. දඩ වැද්දා
දුනු හී ආදියෙන් දඩයම් කරන්නා
8. දඩබ්බර
අසංවර, නො හික්මුණු තැනැත්තා
9. දඩයක්කාරයා
දඩයමින් ජීවත් වන්නා
10. දඩයම
වන සතුන් මැරීම
11. දඩල්ලා
උස මහත පුරුෂයා
12. දඩාවත
කැලෑ පාර; මංමුළාව; ඉබාගාතය
13. දඩැතා
කැලෑ ඇතා; වල් අලියා