to main page
Sinhala Explanatory Dictionary
selected terms: 65 page 1 of 4
1. දන
දානය; ජනයා; ධාන්‍ය
2. දන සමය
ගොයම් කපන කාලය
3. දනද
ධනයට අධිපතියා; කුවේරයා
4. දනන
දන් ගෙය; දාන ශාලාව
5. දනනවා
දිනනවා; උපදිනවා
6. දනපතර
ධන සමූහය
7. දනපද
ජනපදය
8. දනරැස
ධන රාශිය
9. දනවත්
ධනය ඇති; පොහොසත්
10. දනවනවා
උපදවනවා
11. දනවා
පිළිස්සෙනවා
12. දනවි
ජනපදය
13. දනවු
ජනපදය
14. දනවු කළණ
ජනපද කල්‍යාණිය; රූප සුන්දරිය
15. දනසක
ජන සමූහය
16. දන්
දානය; ඇතුන්ගේ මද ජලය
17. දන් කඩය
භික්ෂූන් දන් වළඳන විට ඔඩොක්කුවෙහි එළන රෙදි කඩ
18. දන් කද
දානය තබාගෙන යන කද
19. දන් ගෙඩිය
හිස ගසා දැමීමට යොදා ගත් දඬු කඩ; මස් කපන ලී කොටය; දානය කැඳවන සීනුව'
20. දන් පැරුම්
දාන පාරමිතාව