to main page
Sinhala Explanatory Dictionary
selected terms: 25 page 1 of 2
1. දම
ධර්මය; දම්වැල; මාලය; හික්මීම
2. දමන
ලඳු බිම; කුඩා කැලෑ රොද
3. දමනය
මැඩ පවත්වා ගැනීම; මෙල්ල කිරීම
4. දමනවා
තබනවා; අත් හරිනවා; හීලෑ කරනවා; මැඩ පවත්වනවා'
5. දම්
ධර්මය; රතට හුරු තද නිල් පැහැය
6. දම් ගෙඩිය
දං ගෙඩිය
7. දම් සබය
බුදු රදුන් දහම් දෙසීම සඳහා පැමිණි ශාලාව; ධර්ම ශාලාව'
8. දම් සෙනෙවි
ධර්ම සේනාපති; සැරියුත් මහ තෙරණුවෝ
9. දම්කුඩ
වළඳක අඩියට ඇලී ඇති පිළිස්සුණු ආහාර
10. දම්නිය
ධර්ම නියාමය; දැහැමි නීතිය
11. දම්පති
අඹු සැමි යුවළ; ස්වාමි පුරුෂයා සහ භාර්යාව
12. දම්මිල්ලය
මල් ආදියෙන් සැරසූ කෙස් කලඹ; ධම්මිල්ලය
13. දම්රජ
ධර්ම රාජයා; බුදු රජ
14. දම්වැල
පුරුක් එකිනෙක හකුලා තැබූ මාලය; හැකිල්ල
15. දම්සක
ධම්ම චක්ක දේශනාව
16. දම්සඟුණුව
අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතෙන් පළමු වැන්න වූ ධම්මසඞ්ගණිය'
17. දම්සවුන්
බණ ඇසීම; ධර්ම ශ්‍රවණය
18. දම්‍ය
දමනය කළ යුතු
19. දමිටු
දහමට එකඟව පවතින; ධර්මිෂ්ඨ
20. දමිත
දමනය කරන ලද