to main page
Sinhala Explanatory Dictionary
selected terms: 48 page 1 of 3
1. දැක් වියැටි
දැක්වීමට කැමති
2. දැකිරි දිය
දානයට පෙර පිළිගන්වන පැන්; දක්ෂිණෝදකය
3. දැකුම
චාරිත්‍රානුකූලව පිළිගන්වන පඬුර
4. දැකුම්කලු
දර්ශනීය; දැකීමට රිසි උපදවන
5. දැඟුම්
ඇවිදීම; ජංගම භාවය
6. දැඩි
තද; රළු; ගොරෝසු
7. දැඩිමුණ්ඩ
රණ ශූරයෙකැයි ප්‍රසිද්ධ දෙවි කෙනෙක්
8.දැඩිමුණ්ඩ
බුද්ධ කාලීන ශ්‍රී ලංකාවේ රජු ලෙස සැලකුණු, විකුණ්ට භද්ධව ලෙස යක්ෂ ගෝත්‍රිකයන් හදුන්වන, පූර්ණක යක්ෂයා හා එරන්දතී නැමති කැලණියේ නාග කාන්තාවගේ පුත්‍රයා වේ. එකල මා‍ලෝස් දිවයින (අද මාලදිවයින) More…
9. දැඩියාව
දැඩි බව; තද ගතිය
10. දැදිරි
දෙදරා ගිය
11. දැදුර
සිදුර; පැළුම; බෙණය
12. දැදුරු කඩ
පැළී දෙදරා ගිය මං කඩ
13. දැනමිතිකම
වැඩිහිටියන් කරන අනුශාසනය
14. දැනමුත්තා
පණ්ඩිතයා; දැනුම් ඇති තැනැත්තා
15. දැනීම
දැනෙනවා යන්නෙහි භාව නාමය
16. දැනුම
දැනෙනවා යන්නෙහි භාව නාමය
17. දැනුමුත්තා
පණ්ඩිතයා; දැනුම් ඇති තැනැත්තා
18. දැනුවත්
දැනීම ඇති
19. දැනුවත් කම
දැනීම ඇති බව
20. දැනෙනවා
අවබෝධ වෙනවා; හැඟෙනවා