to main page
Sinhala Explanatory Dictionary
selected terms: 26 page 1 of 2
1. දේදුන්න
වැහි බිඳුවලට හිරුරැස් වැටීම නිසා ඇතැම් දිනවල ප්‍රිස්ම වර්ණාවලියෙන් යුතුව අහසේ පෙනීයන දුන්නක් වැනි දර්ශනය'
2. දේනා
ජේතවනාරාමය
3. දේපළ
ගේ දොර ඉඩ කඩම් ආදී සියල්ල; යමකු සතු ධනය
4. දේව දූතයා
දෙවියන්ගේ පණිවුඩකරු
5. දේව මෙහෙය
දෙවියන් ඇදහීම; යාඤා කිරීම
6. දේවකරණය
මිනිසා විසින් ස්වභාව ධර්මයේ බලවේගවලට හා වස්තු වලට දේවත්වය ආරෝපණය කිරීම'
7. දේවත්වය
දෙවි බව
8. දේවතාවා
දෙවියා (හෝ දෙව්දුව)
9. දේවදාසි
දේවාලයවල දේව මෙහෙය කරන ස්ත්‍රී
10. දේවවාදය
මැවුම්කාර ගැලවුම්කාර දෙවියෙකු පිළිබඳ විශ්වාසය හා ඉගැන්වීම'
11. දේවාල පුල්ලියා
ඉතා කපටි පුද්ගලයා
12. දේවි
රජ බිසව
13. දේශ ත්‍යාගය
රට හැර යාම
14. දේශජ
සිය රටෙහි ඇති වූ
15. දේශදේශාන්තර
නොයෙක් රටවල් අතරේ
16. දේශප්‍රේමියා
රට කෙරෙහි මමත්වයක් ඇත්තා; තමාගේ රටට ඇලුම් කරන්නා'
17. දේශපාලනඥයා
දේශාපාලන කටයුතුවල නිරත වීමෙන් ඒ ගැන දැනුම අත ්දැකීම් ලබා ගත් පුද්ගලයා'
18. දේශාංශ
පෘථිවියෙහි අක්ෂාංශ හරහා ධ්‍රැවයෙන් ධ්‍රැව යට වැටෙන කල්පිත රේඛා'
19. දේශාටකයා
විනෝදය හෝ ඉගෙනීම පිරිස රටවල ඇවිදින පුද්ගලයා
20. දේශාටනය
රට රටවල ඇවිදීම