to main page
Sinhala Explanatory Dictionary
selected terms: 156 page 1 of 8
1. නිඃක්ලේශ
ලෝභාදි කෙලෙස් නැති; නිකෙලෙස්
2. නිඃශඞ්‍ක
සැකයක් නැති
3. නිඃශරණාධ්‍යාශය
සසරින් එතෙරවීමේ අදහස
4. නිඃශ්වාස
පිටතට හෙළන හුස්ම; සුසුම
5. නිඃශ්‍රය
ආශ්‍රය
6. නිඃශ්‍රිත
ඇසුරු කළ
7. නිකර
රාශිය; ගොඩ; සමූහය
8. නිකසළ
පිරිසිදු; නොකිළිටි; නිරවද්‍ය; කැළැල් නැති; පැහැදිලි
9. නිකාය
සමූහය; සමාන පිළිවෙත් ඇති ආගමික පූජක සමාගම
10. නිකුජ්ජායනය
මුණින් හැරවීම; යටිකුරු කිරීම
11. නිකුටු
අධම; පහත්
12. නිකුතුව
නිකුත් කරන දේ; නිකුත් කිරීම
13. නිකෘෂ්ට
නින්දිත; පහත්
14. නිකෙලෙස්
කෙලෙස් නැති
15. නිකේතනය
ගෙය; නිවස; අසපුව
16. නිකේතය
ගෙය; නිවස; අසපුව
17. නිඛිල
සියලු
18. නිගඞය
විලංගුව; හැකිල්ල
19. නිගණ්ඨ
20. නිගමනය
තීරණය කර එළඹීම; නිශ්චය