to main page
Sinhala Explanatory Dictionary
selected terms: 21 page 1 of 2
1. නො තිත්
සෑහීමට පත් නො වන; තෘප්තිමත් නො වන
2. නො තිර
සෙලවෙන; ස්ථිර නැති; කල් නො පවතින
3. නො දැමි
නො හික්මුණු; අසංවර
4. නො මද
බොහෝ වූ; ටික නො වූ
5. නො මනා
යහපත් නො වූ; හොඳ නැති
6. නො මනාපය
අසතුට; තරහ; අමනාපය
7. නො ලස
ඉක්මන; කඩිනම
8. නො වළහනව
නො සඟවනවා
9. නො සමාන දරුව
අනියම් දරුවා වැදූ දරුවා; අවජාත දරුවා
10. නො සරස
ඉක්මන; අප්‍රමාදය; බාධා රහිත බව
11. නො සරුප්
නුසුදුසු; අගෝචර; සභ්‍යශීලී නො වන
12. නො හැල්
ශීතල නොවූ උණුසුම්
13. නොකටසේ
බොහෝ සේ; ඉවරයක් නැති සේ; ඉවසිය නො හැකි පරිදි කැමැත්තක් නැතිව
14. නොකල
අයෝග්‍ය අවස්ථාව; අවේලාව
15. නොතීසිය
උසාවියක් හෝ අධිකරණ බලය ඇති නිලධාරියෙකු විසින් කරන දැන්වීම; නිවේදනය'
16. නොබෙල් තෑග්ග
වර්ෂය තුළ විද්‍යාව සාහිත්‍යය හා ලෝක සාමය වෙනුවෙන් උසස් ම සේවය කළවුනට ස්වීඩනයේ නොබෙල් ආයතනය විසින් පිරිනැමෙන ත්‍යාගය'
17. නොයික් ගල
ලී ටැඹක් සිටුවීම සඳහා පදනම වශයෙන් ගනු ලබන ස ිදුරු සහිත ගල'
18. නොරඹුර
රහස; සැඟවුණු දෙය; විවේකස්ථානය
19. නොසංඩාලයා
අධමයා; අශික්ෂිතයා; ගුණ දහමක් තැනැත්තා
20. නොහොත්
එසේ නොවේ නම්; නැත හොත්