to main page
Sinhala Explanatory Dictionary
selected terms: 131 page 1 of 7
1. ලංකා
ශ්‍රී ලංකාව; සිංහල ද්වීපය; විජය රජුගේ රාජධානිය
2. ලංකේශ්වර
ලංකාවට අධිපති
3. ලංග
අකාරය; අයුර
4. ලංගේ
වැනි; මෙන්
5. ලංචය
අල්ලස; අත්තිකාරම් මුදල
6. ලංසය
අනින අවියක්; හෙල්ල; ලස්කිරිඤ්ඤය
7. ලංසි
ඕලන්ද දේශයෙන් මෙහි පැමිණියවුන්ගෙන් පැවත එන ජනයා; බර්ගර් ජාතිකයා
8. ලක
ලංකාව; ලක්ෂ්‍යය; ඉලක්කය
9. ලකර
අලංකාරය; සැරසිල්ල; ගද්‍ය පද්‍ය නිබන්ධ අර්ථ වශයෙන් හෝ ශබ්ද වශයෙන් සරස න කාව්‍යමය උපක්‍රම'
10. ලකවැලි
බුත්සරණ ගස
11. ලක් බස
සිංහල භාෂාව
12. ලක්ෂණ
හැඩහුරුකම; රූප ශොභාව (වි) සුන්දර; සිත්කලු
13. ලක්ෂණාභාෂය
දෝෂ සහිත ලක්ෂණය
14. ලක්ෂය
සියක් දහස; ශත සහස්‍රය; 1; 00; 000
15. ලක්ෂ්‍යය
ලක්ෂණයෙන් හැඳින්විය හැකි දෙය; උදාහරණය; අනුමාන කටයුත්ත; ඉලක්කය
16. ලකිසුරු
ලංකේශරගන ලංකෝලිය (කථා) කමත අතුගාන ඉදල
17. ලගිනවා
තැනක වසනවා; රැය ගත කිරීමට තැනක නවතිනවා
18. ලඝු
බර අඩු; කුඩා; සුළු (නා) දීර්ඝ නොවූ ගුරු නොවූ හ්‍රස්ව අකුර
19. ලඝු මසූරිකා
පැපොල රෝගය
20. ලඝු ලේබනය
අකුරින් නොලියා ලකුණු මඟින් කෙටියෙන් ලිවීම