to main page
Sinhala Explanatory Dictionary
selected terms: 32 page 1 of 2
1. වර
වාරය; දේවාදීන්ගෙන් ලබන අවසරය; විශේෂ බලය; කැමැත්ත; වල්ලභයා; රැහැන; පථය ; උත්තමයා (වි) උතුම් (ක්‍රි) උතුම් යන අරුත ඇති විධික්‍රියාව'
2. වර නඟනවා
ව්‍යාකරණයේ දී නාම හා ක්‍රියා යෙදීමට අවශ්‍ය ව්‍යාකරණමය අර්ථ අනුව විවිද රූප ගන්වනවා; නාම ප්‍රකෘති ධාතුවලට විභක්ති ප්‍රත්‍යයන් එකතු කරනවා'
3. වරක්කලය
(නා) ලෑලිවල සමාන්තර ව ඉරිගසීමට යොදා ගන්නා වඩු උපකරණයක්
4. වරකා
ඉදුණු කොස්
5. වරඟන
උතුම් කාන්තාව; වේශාව
6. වරණ
තෝරා ගැනීම; කැමති වීම; හස්තියා වරණිඳු (නාප්‍ර) ඇත් රජා
7. වරණ කථනය
ගුණ කීම; ගුණ කථනය
8. වරණ්ඩය
ගෙයක ස්තෝප්පුව; බරාඳය
9. වරණාගමය
සන්ධි ආදි ව්‍යාකරණ සිද්ධිවල දී අමුතුවෙන් අකුරක් පැමිණීම
10. වරණාන්ධ
පාට වර්ගවල විශේෂත්වය හරි හැටි නොපෙනෙන
11. වරද
කැමති දේ දෙන (නාප්‍ර) කෝපය; අපරාධය
12. වරදිනවා
අපේක්ෂිතය වෙනස් වෙනවා; අසාර්ථක වෙනවා
13. වරනවා
වළකිනවා; වළක්වන; නවත්තනවා; තෝරාගන්නවා
14. වර්ග කෝෂය
භාණ්ඩ ආදිය වර්ග වශයෙන් දැක්වෙන ලැයිස්තුව; එම පොත
15. වර්ග ඵලය
වර්ග ප්‍රමාණය
16. වර්චස්
මල; අසූචි
17. වර්ජනය
අත් හැරීම; වැරීම
18. වර්ණ භේදය
සුදු අයට එක විධියකටත් සුදු නොවන අයට වෙන විධියකටත් සැලකීම
19. වර්ණ යෝජකයා
අකුරු අමුණන්නා
20. වර්ණ විහාරය
පාට වෙනස් කිරීම; අකුරු වෙනස් වීම; ආදේශය; විපර්යාසය (නා) වණ; වර්ණ කැරළිය බ'