to main page
Sinhala Explanatory Dictionary
selected terms: 15 page 1 of 1
1. සංවත්සරය
අවුරුද්ද; වර්ෂය
2. සංවර
ඇස් කන් ආදී ඉඳුරන් හික්මවීම; වැසීම
3. සංවර්ණනා
විස්තර වර්ණනාව; අටුවාව
4. සංවර්ධනය
වැඩි දියුණුවට පත් කිරීම හෝ පත්වීම
5. සංවාද
එක්ව කරන සාකච්ඡාව; අන්‍යෝන්‍ය කතා බහ
6. සංවාස
එක්ව විසීම; ස්ත්‍රී පුරුෂ සංසර්ගය; එක්ව සංඝ කර්ම කිරීම
7. සංවිග්න
සංවේගයට පැමිණි
8. සංවිධාන
නියම කිරීම; මනාව යෙදීම; පිළියෙල කිරීම; මනාව පිළියෙල වූ දෙය හෝ පි රිස'
9. සංවිධායක
සංවිධානය කරන්නා
10. සංවිභාග
ස්වකීය ප්‍රයෝජනයට ඇති දෙය අනුන්නට බෙදීම; පරිත්‍යාගය
11. සංවෘත
වැසුණු (නාප්‍ර වැසුණු දෙය; මුළු වර්ග සාපේක්ෂ ලෙස වැසීමෙන් උපදව න ශබ්ද' ◊ වැසීම; සැඟවීම; ලෝක ව්‍යවහාරය; ලෝක සම්මුතිය
12. සංවෘති
වැසීම; සැඟවීම; ලෝක ව්‍යවහාරය; ලෝක සම්මුතිය
13. සංවෘති ධර්මය
සත්‍ය සේ පිළිගත් ධර්මය
14. සංවේගය
සිතෙහි ඇති වන කම්පනය; කනගාටුව; කලකිරීම
15. සංවේදී
සියුම් දේ පවා හැඟෙන; දැනෙන